Song: Mathaka Ime
Year: 2022
Viewed: 32 - Published at: 5 years ago

ගං දිය නිසලයි
සිතුවිලි කැළඹෙයි
නුඹ නොයෙනාදා
මල් පෙති මැලවෙයි
පෙම් සිත හඩවයි
නුඹ සැගවී ගිය මතක ඉමේ
නුඹ සැගවී ගිය මතක ඉමේ

චන්ද්‍ර මඩුල්ලෙන් හිනැහී දුවනා
තාරුකාව නුඹ දිවි දෑලේ
කල්ප කාලයක් පෙරුම් පිරූ සිත
සගවා ගත්තයි සිත පතුලේ
නුඹ සැගවී ගිය මතක ඉමේ

ගං දිය නිසලයි
සිතුවිලි කැළඹෙයි
නුඹ නොයෙනාදා
මල් පෙති මැලවෙයි
තුන්සිත හඩවයි
නුඹ සැගවී ගිය මතක ඉමේ
නුඹ සැගවී ගිය මතක ඉමේ
තබා දියත් යුග සතුටු කෙරූපෙම
මැලවී ගිය නටබුන් අතරේ
නුඹේ සිනාවෙන් බිදුවක් ඇතිදැයි
තවත් සොයමි මම ගණ අඳුරේ
නුඹ සැගවී ගිය මතක ඉමේ

ගං දිය නිසලයි
සිතුවිලි කැළඹෙයි
නුඹ නොයෙනාදා
මල් පෙති මැලවෙයි
තුන්සිත හඩවයි
නුඹ සැගවී ගිය මතක ඉමේ
නුඹ සැගවී ගිය මතක ඉමේ

( Nuwandhika Senarathne )
www.ChordsAZ.com

TAGS :