Song: WANASPATHI
Year: 2021
Viewed: 6 - Published at: 9 years ago

උත්පල පදුම පුන් කුසුමන් පිපෙන කල
ඉසුරිදු පිහිට ලබමින් වැඩෙමින් ලකල
රුවිනි නිබඳ සිත පැහැදූ උතුම් කුල
වැඩුනි වනස්පති වනඉඳු දිව්‍ය කුල

වනස්පති
වනස්පති
වනස්පති
වනස්පති

සත්කුළු පව්ව දෙදරා ගිනි නගින කල
මහා මේඝ රුදු සැඩ සුළි සුලං මැද
වැටෙන අනෝරා මහ වැසි කඳුළු මැද
දුටුවෙමි නොවැටි මා රැකු ඒ රුවන් කඳ

දෙව්ලොව උපන් නරනිඳු හිමි සමිඳු කුල
ලෝ පූජිතයි නුඹෙ ප්‍රතිරෑ නිබඳ සඳ
වසත් සුවය ලැබ දුන් මගෙ හිමි සමිද
වනස්පති නුඹයි මගෙ දිවියේ ලකල
වනස්පති නුඹයි මගෙ දිවියේ ලකල

( Rashmi Dileesha )
www.ChordsAZ.com

TAGS :